Monday, March 30, 2015

Introduction to Kathakana alphabet of japanese language (කතකනා හෝඩිය ගැන පොඩි විස්තරයක්)

අපි කලින් ලිපියේදී හිරඟනා හෝඩිය ගැන කතා කරානේ. ඉතින් අපි ඒකෙදී කිව්වා වගේම අද කතකනා හෝඩිය ගැන විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා.

හරි දැන් අපි බලමු කතකනා හෝඩිය භාවිතා වෙන්නේ මොන වගේ දේවල් ලියන්නද කියලා. හිරගනා හෝඩිය භාවිත වුනේ ජපානයට ආවේණික දේවල් ලියන්නනේ. නමුත් කතකනා හෝඩිය යොදා ගන්නේ ජපානයට ආවේණික නොවූ විදේශික වචන හා විදේශික භාෂා වලින් ජපන් භාෂාවට උපුටා ගත්ත වචන ලියන්නයි.
උදාහරණ විදිහට විදේශික රටවල නම් ලියන්න වගේම විදේශිකයන්ගේ නම් ලියන්න භාවිතා කරන්නෙත් මේ හෝඩියයි. හැබැයි එම වචන ලිවීමේදී කතකනා උච්චාරණයට අනුව අලුත් වචන සකස් කරගත යුතුයි.
පහත තියෙන වචන ටික බලන්නකෝ.     

විදේශීය වචනය
කතකනා උච්චාරණය අනුව සෑදූ වචනය
Sri Lanka
Suriranka
India
Indo
France
Furansu
Cup
Coppu
Highlighter
Hairaito
Bus
Basu
Restaurant
Resutoran

මේ වචන කියෙව්වාම ඔයාලට මම කලින් කියපු දේ තේරෙනවා ඇති.

සිංහල භාෂාවේ ඇති සමහර අක්ෂර හා ශබ්ද, ජපන් භාෂාවේ අඩංගු නොවනනිසා එම ශබ්ද  කියවීම ජපන් ජාතිකයන්ට ගොඩක් අපහසුයි. ඒ නිසා ඔවුන් සමහර විදේශ වචන ඔවුන්ට කියවන්න පුළුවන් ආකාරයට ඔවුන්ගේ උච්චාරණ අනුව හදාගෙන තියෙනවා. එසේ හදාගත්ත වචන ටිකක් තමා ඉහත දක්වලා තියෙන්නේ.

හරි දැන් මම හිතනවා ඔයාලා කතකනා හෝඩිය ගැනත් යම් කිසි අදහසක් ලබාගතතා කියලා. අපි ඉස්සරහට කතකනා හෝඩියේ වැඩි විස්තර කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා.

හරි ඉතින් දැන් හෝඩි 2 ක් ගැන විස්තර කිව්වනේ. මීලග ලිපියෙන් කන්ජි හෝඩිය ගැන විස්තර කියන්න බලාපොරොත්තුවෙන් අදට මම මෙතනින් නවත්තන්නම්කො.



No comments:

Post a Comment