හරි යාලුවනේ, අපි කලින්
සති වලදී හිරඟනා හා කතකනා හෝඩි ගැන ඉගෙන ගත්තනේ.ඉතින් අපි කලින් ලිපියේදී කිව්වා
වගේ මේ ලිපියේදී කන්ජි ගැන විස්තර කියන්න තමයි යන්නේ.
කන්ජි වලට චීනාක්‍ෂර කියලත් කියනවා. සංඛ්‍යාව
අතින් ගත්තාම කන්ජි හෝඩිය දහස් ගණනකින් සමන්විත වනවා. ඇතැම් අවස්ථාවලදී එක කන්ජි
අකුරකින් සම්පුර්ණ වචනයක්ම කියවෙන අවස්ථාත් තියෙනවා. උදාහරණ ලෙස ජපන් භාෂාවේ මිනිසා
හදුන්වන්නේ හිතෝ කියලා. හිතෝ යන වචනය කන්ජි වලින් කියපු විට එය මෙසේ දැක්වේ
අපි කන්ජි ඉගෙන ගත්තාම හිරඟනා භාවිත කරලා වචන ලිවීම බොහෝ සේ අඩුවෙනවා. ඒ
වෙනුවට කන්ජි තමයි භාවිත කරන්නේ. තවත් උදාහරණයක් ලෙස ජපන් භාෂාවෙන් පොතට කියන්නේ හොන්
කියලා. එය කන්ජි වලින් ලියන්නේ මෙසේයි.
සෑම කන්ජි අකුරක්ම ලියන්නේ වමේ සිට දකුණට හා ඉහල සිට පහළට වේ.
කන්ජි ඉගෙන ගත් පසු
කන්ජි අක්‍ෂරය දැකපු විට එය කියවීමට ඔබට හැකි විය යුතුයි. උදාහරණ ලෙස 本 කන්ජි අක්‍ෂරය දැකපු විට
එය හොන්( පොත ) ලෙස කියවීමට ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා කන්ජි ඉගෙන ගැනීමනම්
එච්චරම ලෙහෙසි පහසු වෙන්නේ නෑ. කලබල වෙන්න ඕනේ නෑ ඉතින්. අපි හෙමීට කන්ජි
ගැනත් ඉගෙන ගමුකෝ.
මේ විදිහට කන්ජි අක්ෂර කියවන
විධි 2ක් තියනවා.ඒවා
තමයි ,
·
kunyomi
·
onyomi
kunyomi කියන්නේ කන්ජි
වල ජපන් කියවීමේ ක්‍රමයයි. onyomi කියන්නේ කන්ජි වල චීන කියවීමේ ක්‍රමයයි.
ඔයා කන්ජි ඉගෙන
ගන්නකොට මේ ආකාර 2කම ඉගෙන ගන්න ඕනේ. අපි මේවා ගැනත් පසු ලිපි වලදී
කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
හරි,එහෙනම් අදත් ඔයාල ජපන් භාෂාවේ යමක් ඉගෙන ගන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
No comments:
Post a Comment