අපි එදා ජපන් භාෂාවේ
තියෙන හෝඩි 3 ගැන කිව්වනේ. ඉතින් අපේ සිංහල හෝඩිය වගේ නෙමෙයිනේ. ඒ ඒ හෝඩි වලට ආවේණික විවිධ ලක්ෂණ තියෙනවා.
එහෙනම් අපි මුලින්ම හිරඟනා හෝඩිය ඉගෙන ගැන ටිකක් දැනගමුකෝ.
අපි හිරඟනා හෝඩියේ
අක්ෂර භාවිත කරනුයේ ජපානයටම ආවේණික වූ ඔවුන්ගේම වචන ලියා දැක්වීමටයි. ජපන්
ජාතිකයිනගේ නම්, ස්ථාන ආදී සෑම දෙයක්ම ලිවීමට හිරඟනා හෝඩිය භාවිතා කරනු ලබයි.
ඉතින් යාලුවනේ අපි දැන් පොඩි උදාහරණ ටිකක් අරගෙන බලමුකෝ.
ජපන් භාෂාවෙන් පොතට
කියන්නේ හොන් කියලා. ほん
පාසලට කියන්නේ ගක්කෝ කියලා. がっこう
ළමයට කියන්නේ කොදොමො
කියලා. こども
කුඩයට කියන්නේ කසා කියලා かさ
පුටුවට කියන්නේ ඉසු
කියලා いす
මේ වචන ඔක්කොම ඒ රටේ ඒගොල්ලොන්ටම
ආවේණික වූ වචන නිසා ඒවා ලියන්නේ හිරඟනා වලින් විතරයි. ඒ වගේම අපි ජපන් ජාතිකයින්ගේ
නම් ටිකක් උදාහරණයකට අරන් බලමුකෝ.
මිචිකෝ ( みちこ ) , හයෂි (
はやし ) , කිමුරා ( きむら ) , මකිනො ( まきの )
මේ වගේ ජපන් ජාතිකයන්ගේ
නම් ලියන්නෙත් හිරඟනා වලින් තමයි.
මේක ඉතිං හිරඟනා හෝඩියට පොඩි
introduction එකක් විතරයිනේ. පසුව අපි මේකේ අකුරු ගැන වගේම ඒවා පාවිච්චි කරලා ලියන වචන ගැන එහෙමත් හෙමීට ඉගෙන ගමුකෝ.
මේ වගේම මීලග ලිපියෙන් අපි කතගනා හෝඩිය ගැන විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා.
No comments:
Post a Comment