Monday, March 30, 2015

Introduction to Kathakana alphabet of japanese language (කතකනා හෝඩිය ගැන පොඩි විස්තරයක්)

අපි කලින් ලිපියේදී හිරඟනා හෝඩිය ගැන කතා කරානේ. ඉතින් අපි ඒකෙදී කිව්වා වගේම අද කතකනා හෝඩිය ගැන විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා.

හරි දැන් අපි බලමු කතකනා හෝඩිය භාවිතා වෙන්නේ මොන වගේ දේවල් ලියන්නද කියලා. හිරගනා හෝඩිය භාවිත වුනේ ජපානයට ආවේණික දේවල් ලියන්නනේ. නමුත් කතකනා හෝඩිය යොදා ගන්නේ ජපානයට ආවේණික නොවූ විදේශික වචන හා විදේශික භාෂා වලින් ජපන් භාෂාවට උපුටා ගත්ත වචන ලියන්නයි.
උදාහරණ විදිහට විදේශික රටවල නම් ලියන්න වගේම විදේශිකයන්ගේ නම් ලියන්න භාවිතා කරන්නෙත් මේ හෝඩියයි. හැබැයි එම වචන ලිවීමේදී කතකනා උච්චාරණයට අනුව අලුත් වචන සකස් කරගත යුතුයි.
පහත තියෙන වචන ටික බලන්නකෝ.     

විදේශීය වචනය
කතකනා උච්චාරණය අනුව සෑදූ වචනය
Sri Lanka
Suriranka
India
Indo
France
Furansu
Cup
Coppu
Highlighter
Hairaito
Bus
Basu
Restaurant
Resutoran

මේ වචන කියෙව්වාම ඔයාලට මම කලින් කියපු දේ තේරෙනවා ඇති.

සිංහල භාෂාවේ ඇති සමහර අක්ෂර හා ශබ්ද, ජපන් භාෂාවේ අඩංගු නොවනනිසා එම ශබ්ද  කියවීම ජපන් ජාතිකයන්ට ගොඩක් අපහසුයි. ඒ නිසා ඔවුන් සමහර විදේශ වචන ඔවුන්ට කියවන්න පුළුවන් ආකාරයට ඔවුන්ගේ උච්චාරණ අනුව හදාගෙන තියෙනවා. එසේ හදාගත්ත වචන ටිකක් තමා ඉහත දක්වලා තියෙන්නේ.

හරි දැන් මම හිතනවා ඔයාලා කතකනා හෝඩිය ගැනත් යම් කිසි අදහසක් ලබාගතතා කියලා. අපි ඉස්සරහට කතකනා හෝඩියේ වැඩි විස්තර කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා.

හරි ඉතින් දැන් හෝඩි 2 ක් ගැන විස්තර කිව්වනේ. මීලග ලිපියෙන් කන්ජි හෝඩිය ගැන විස්තර කියන්න බලාපොරොත්තුවෙන් අදට මම මෙතනින් නවත්තන්නම්කො.



Sunday, March 29, 2015

Introduction to Hirangana alphabet of japanese language (හිරඟනා හෝඩිය ගැන පොඩි විස්තරයක්)

අපි එදා ජපන් භාෂාවේ තියෙන හෝඩි 3 ගැන කිව්වනේ. ඉතින් අපේ සිංහල හෝඩිය වගේ නෙමෙයිනේ. ඒ ඒ හෝඩි වලට ආවේණික විවිධ ලක්ෂණ තියෙනවා. එහෙනම් අපි මුලින්ම හිරඟනා හෝඩිය ඉගෙන ගැන ටිකක් දැනගමුකෝ.
අපි හිරඟනා හෝඩියේ අක්ෂර භාවිත කරනුයේ ජපානයටම ආවේණික වූ ඔවුන්ගේම වචන ලියා දැක්වීමටයි. ජපන් ජාතිකයිනගේ නම්, ස්ථාන ආදී සෑම දෙයක්ම ලිවීමට හිරඟනා හෝඩිය භාවිතා කරනු ලබයි. ඉතින් යාලුවනේ අපි දැන් පොඩි උදාහරණ ටිකක් අරගෙන බලමුකෝ.

         ජපන් භාෂාවෙන් පොතට කියන්නේ හොන් කියලා.   ほん
        පාසලට කියන්නේ ගක්කෝ කියලා.  がっこう
        ළමයට කියන්නේ කොදොමො කියලා. こども
        කුඩයකියන්නේ කසා කියලා  かさ
        පුටුවට කියන්නේ ඉසු කියලා  いす

මේ වචන ඔක්කොම ඒ රටේ ඒගොල්ලොන්ටම ආවේණික වූ වචන නිසා ඒවා ලියන්නේ හිරඟනා වලින් විතරයි. ඒ වගේම අපි ජපන් ජාතිකයින්ගේ නම් ටිකක් උදාහරණයකට අරන් බලමුකෝ.

 මිචිකෝ ( みちこ ) , හයෂි  ( はやし ) , කිමුරා ( きむら ) , මකිනො ( まきの )  

මේ වගේ ජපන් ජාතිකයන්ගේ නම් ලියන්නෙත් හිරඟනා වලින් තමයි. 
මේක ඉතිං හිරඟනා හෝඩියට පොඩි introduction එකක් විතරයිනේ. පසුව අපි මේකේ අකුරු ගැන වගේම ඒවා පාවිච්චි කරලා ලියන වචන ගැන එහෙමත් හෙමීට ඉගෙන ගමුකෝ. 

මේ වගේම මීලග ලිපියෙන් අපි කතගනා හෝඩිය ගැන විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. 

Tuesday, March 24, 2015

Introduction to Japanese language - ජපන් භාෂාවට පුංචි ආරම්භයක්

ආසයි ලේසියි ජපන්,

Hello my dear friends , කොහොමද ඉතින්? ලෝකයේ ඉතා සුන්දර දැකුම්කලු දුපත්  සමුහයක එකතුවෙන් සෑදුනු සුන්දර ජපානයෙහි සංස්කෘතිය හා භාෂාව ඔබ ඉගෙන ගන්න කැමතිද? ඔවුන්ටම ආවේනික වූ සංස්කෘතියක් හා භාෂාවක් ඇති ජපන් ජාතිකයන් තම භාෂාවට මුල් තැන දෙන තම භාෂාවට ඉතා ඇලුම් කරන පිරිසක්.සිංහල භාෂාව එක හෝඩියකින් පමණක්  සමන්විත වුවත්, ජපන් භාෂාව හෝඩි 3කින් සමන්විතය. නමුත් ඔබ ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔබ ඒ ගැන මුල සිටම ඉගෙන ගන්න කැමතිද? එසේනම් අප සමඟ එක්වී එම සුන්දර රට මනසින් චාරිකා කරමින් එහි ආකර්ශනීය විශ්මයජනක භාෂාව ඉගෙන ගනිමු.සමහරවිට ඔයා ජපන් භාෂාව පොඩ්ඩක්වත් දන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට බය වෙන්න එපා. අපි අකුරු ලියන හැටි ඉදලාම පටන් ගන්න නිසා මුල ඉදන්ම ඉගෙන ගන්න පුළුවන් ඔයාලට.
ඔන්න යාලුවනේ ඉතින් වැඩි විස්තර පස්සේ කියන බලාපොරොත්තුවෙන් අපි දැන්මම ජපන් භාෂාවට මුලින්ම enter වෙමු නේද?  අපි මුලින්ම බලමු ජපන් හෝඩි ගැන. මම මුලින්ම කිව්වා වගේ ජපන් භාෂාව හෝඩි 3නක එකතුවෙන් තම හැදිලා තියෙන්නේ. ඒවා තමයි ,

          1. හිරඟනා
          2. කතකනා
          3. කන්ජි


මේවා අතරින් හිරඟනා හා කතකනා හෝඩි 2ක ඉගෙන ගන්න ලෙහෙසි වුවත්, කන්ජි ඉගෙන ගන්න තරමක් අමාරුයි. ඒක ශ්‍රී ලංකා අපිට විතරක් සිදුවන දෙයක් නොවෙයි, එය ජපන් ජාතිකයන්ටත් එසේමයි. ඒනිසා දුක් වෙන්න එපා. අපි හෙමීට ඒ ගැන ඉගෙන ගනිමු.
අපි මේ ලිපි පෙලෙන් ජපන් භාෂවේ අකුරු,වචන, පාවිච්චි කරන හැටි වගේ ගොඩාක් දේවල් සරල සිංහලෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.